Ananda College

ආනන්ද විද්‍යාලයීය දැක්ම

‌බොදු පරිසරයක දැහැමි, උගත් නැණ-ගුණ පිරිපුන්, නිපුණතා සපිරි, විනය ගරුක සිසු පිරිසක්‍ දැයට බිහි කිරීම සඳහා දායකවීම.

ආනන්ද විද්‍යාලයීය මෙහෙවර ප්‍රකාශය

“හෙළ ජාතික ‌බොදු සිරිත් අගයන, යහපත් ආකල්ප වලින් පරිපූර්ණ, ඵලදායී පුද්ගලයින් පිරිසක් සමාජයට දායාද කරීමට දැනුම, ආකල්ප, කුසලතා සහ සාරධර්ම ප්‍රවර්ධනය කෙරෙන ජාතික අධ්‍යාපන අරමුණු ඉටු වන අන්දමට ජාතික සහා ජාත්‍යන්තර මට්ටම දක්වා අනඳ පුතුන් මෙහෙය වීම”

ආනන්ද විද්‍යාලයීය ඉලක්ක හා අරමුණූ

  1. ජාතික හා ආගමික ආකල්පයන්ගෙන් හෙබි මනා පෞරුෂ වර්ධනයකින් යුක්ත පුරවැසියන් සමාජයට දායාද කිරීම.
  2. බුදු දහමේ අනන්‍යතාව මත අනෙතුත් ජාතීන් හා ආගම් අතර සමගිය ගොඩනැගීම.
  3. බුදු දහමින් පෝෂිත විනය හා ශික්ෂණය පදනම් කරගත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිර්දේශිත විෂය මාලාවන්ට අයත් විෂයයන් හැදෑරීමේ අවස්ථාව සැලසීම.
  4. පාසල, ප්‍රජාව, පරිසරය තේරුම් ගත් සමාජ සම්බන්ධතා හා නීතිමය සම්මතයන්, අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් පිළිබඳ මනා දැනුමකින් යුත් සංවේදී පුරවැසියන් සමාජයට හඳුන්වාදීම.
  5. සුදුසු ආර්ථික හා ජීවන රටාවක් ගොඩනැගීමට ඉවහල් වන ආකාරයේ මූලික පදනමක් පාසල තුළින් ස්ථාපනය කිරීම.
  6. පාසල් මාතාවගේ සෙවණ ලැබූ ආවස්ථාවේ සිට පාසල් මාතාවගේ සෙවණින් වෙන් වුවත් අඛණ්ඩවූත්, ගැඹුරුවූත් කෘතගුණ දැක්වීමේ සංකල්පයට අනුකූලව කටයුතු කිරීමේ ක්‍රියාශීලී සහභාගීත්වය ඇති කිරීම.
  7. විෂය සමගාමි ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම තුළින් උදාරවූත්, ක්‍රියාකාරීවූත් සංයමයකින් කාර්ය ඉටුකළ හැකි කාර්යශූර පුරවැසියන් පිරිසක් සමාජයට බිහිකිරීම.
  8. දේශීයව හා විදේශීයව ගෞරවණීය ස්ථානයන්ට පත්වීමට අවැසි වන ආකාරයට දැනුමින් සන්නද්ධ උසස් චින්තනයකින් හෙබි පුරවැසියන් ලෙස ආනන්දයේ අනන්‍යතාව රැක ගැනීම.