නවීකෘත ෆ්‍රිට්ස් කූන්ස් විද්‍යාගාර ගොඩනැගිල්ල නැවතත් සිසු අයිතියට

July 3, 2025

වසර හැත්තෑවක් පමණ පැරණි භෞතික විද්‍යා හා රසායනික විද්‍යා විද්‍යාගාර හයකින් සමන්විත ෆ්‍රිට්ස් කූන්ස් ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් මුළුල්ලේ නිසි නඩත්තුවකට හා ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා අතිශය අබලන්ව දුර්වල ව දුර්වර්ණව තිබිණි. තැනින් තැන වහල දිරාපත්ව කඩාවැටීම නිසා වැසි දිනවල විද්‍යාගාරවල ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවල යෙදුණු ගුරු සිසු දෙපසම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. භෞතික විද්‍යාව හා ජීව විද්‍යා අංශයන්හි අංශ ප්‍රධානීන් මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස හිටපු විදුහල්පතිවරුන්ගෙනුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් ඉල්ලීම් කළ වාර අපමණය. එහෙත් ඒ කිසිවකට යහපත් ප්‍රතිචාර නොලැබිණි.

මේ පසුබිම තුළ වර්තමාන විද්‍යාලයාධිපති ඩී.එම්.එල් පී. දිසානායක මහතාගේ අවධානය මේ කෙරෙහි යොමු වීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමට අනුව වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් හා පාසල් සංවර්ධන සමිතියේ අරමුදල් වලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නවීකරණය කළ මෙම ගොඩනැගිල්ල, 2025/07/02 වන දින පෙරවරුවේ සිසු අයිතියට පවරන ලදී. ප්‍රධාන විද්‍යාගාර සයට අමතරව අභිනවයෙන් ගෘහ විද්‍යාගාරයක් හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක්ද ශිෂ්‍ය සුබසාධන බැංකුවක්ද මෙම ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කොට ඇත.

More News

Senuth Perera to Represent Sri Lanka at 2025 Asian Junior Badminton Championship

June 19, 2025

95th Battle of the Maroons - Annual Cricket Encounter 2025

March 3, 2025

Principals from Thambuththegama Zone Visit Ananda College for Capacity Development Programme

June 20, 2025

Ananda Students Selected to Represent Sri Lanka at the 2025 International Biology Olympiad

April 25, 2025

Ananda College Clinches Thrilling Victory Over Science College in Top Division Comeback

June 15, 2025

Rasogha Teachers' Talent Show 2024 Concludes Successfully

October 7, 2024

Ananda College Prefects’ Guild Visits the Parliament of Sri Lanka

June 16, 2025

An Anandian strikes again after a lapse of several years

June 1, 2024

Anuruddha Polonowita Felicitated for Four Decades of Service to Ananda Cricket

June 19, 2025

2025 ටත් ආනන්දයේ කිරි උතුරයි.

January 1, 2025

l