2025 ටත් ආනන්දයේ කිරි උතුරයි.

2025 ටත් ආනන්දයේ කිරි උතුරයි.
2025 ටත් ආනන්දයේ කිරි උතුරයි.

උදාවූ දෙදහස් විසිපහ වර්ෂයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විද්‍යාලයීය සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව තෙරුවනේ ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනය කරනු ලැබීමත් කිරි ඉතිරවීමත් අනතුරුව අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සඳහා අලුත් අවුරුදු සංග්‍රහ මේසයත් ජනවාරි මස දෙවෙනි දින පවත්වන ලදී. සුපුරුදු පරිදි මෙම කාර්යය සංවිධානය කිරීම ගුරු සුහද සංගමය මගින් සිදු කරන ලදී.