අනඳ වෛශාක්‍ය මංගල්‍යය - 2025

අනඳ වෛශාක්‍ය මංගල්‍යය - 2025
අනඳ වෛශාක්‍ය මංගල්‍යය - 2025

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය හැට නවයකට පසුව එළැඹී උත්තම වෛශාක්‍ය මංගල්‍යය නිමිති කර ගෙන විදුහල්පති ඩී.එම්.එල්.පී. දිසානායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ කළමනාකරණ මණ්ඩලය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් සමග එක්ව ආනන්ද විද්‍යාල්‍යීය බෞද්ධ සංගමය සංවිධානය කළ අනඳ වෛශාක්‍ය මංගල්‍ය 2025 සාර්ථක අන්දමින් නිමා විය.

සීල සමාදාන වැඩසටහන්, දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මළු බෙදා දීම, වෙසක් මහා පෙරහැර, සඳකිඳුරු ජාතකය නිරූපණය කළ වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, භක්ති ගීත සංදර්ශනය, දන්සල්, වෙසක් නාට්‍ය යන අංග රැසකින් අනඳ වෛශාක්‍ය මංගල්‍යය සමන්විත විය.