ආනන්ද විද්‍යාලයේ 24 වෙනි විදුහල්පතිවරයා ලෙස ඩී.එම්.එල්.පී. දිසානායක මහතා පත්ව එන්නේ 2022 ජනවාරි 25 වෙනිදාය. ඔහු මීට පෙර මේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසත්, කෙටි කලක් වැඩබලන විදුහල්පතිවරයෙකු ලෙසත් සේවය කොට ඇති නිසා විද්‍යාලයේ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයක් ඔහු සතුව ඇත. තනතුරේ වැඩ භාරගත් පසු ඔහු තම ප්‍රමුඛ රාජකාරිය ලෙස සිදු කළේ, අධ්‍යයන කාර්යය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙමාපියන් හා ආදි සිසුන් ඇතුළු පාසල් ප්‍රජාවේ විවිධ පාර්ශ්ව අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීමයි. ඉක්බිති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා හා විෂය සමගාමි කටයුතු මෙන්ම භෞතික සම්පත්වල තත්ත්වය කෙරෙහි අවධානය යොමු කොට වෙනස් කළ යුතු හා පිළිසකර කළ යුතු දේවල් හදුනාගෙන විවිධ පාර්ශ්ව හා එක්ව කඩිනමින් ඒවාට අදාළ ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වීමය.
අධ්‍යාපන අංශය ඉහළ නැංවීමට ඔහු ගනු ලැබූ ක්‍රියාමාර්ග අතරින් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.
• ක්ෂේත්‍රයේ ප්‍රවීණ සම්පත්දායකයින් සම්බන්ධ කර ගනිමින් පාසල් පාදක ගුරු සංවර්ධන වැඩමුළු කිහිපයක් පවත්වා ගුරුවරුන් සවිබල ගැන්වීම.
• ඇතැම් විෂයන්ට පැවති ගුරු හිඟය විසඳා ගැනීමට අමාත්‍යාංශයෙන් නව ගුරුවරුන් ලබා ගැනීම හා පාසල් සංවර්ධන සමිතිය හරහා විශ්‍රාමික ප්‍රවීණ ගුරුවරුන් මෙන් ම ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරී නවක ගුරු භවතුන් කීප දෙනෙකු සේවයට බඳවා ගැනීම.
• ඉංග්‍රීසි මාධ්‍යය ශ්‍රේණි ප්‍රමාණය වැඩි කිරීම.
• චීන, ජපන්, ජර්මන්,කොරියන් ආදි ජාත්‍යන්තර භාෂා ඉගෙනීමට දරුවන්ට අවස්ථා සලසා දීම.
• වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ප්‍රමිති ගත කිරීම හා ප්‍රශ්න බැංකු සකස් කිරීම.
• සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් අඩු ලකුණු මට්ටම්වල සිටි දරුවන් සඳහා නේවාසික විෂය කඳවුරු පැවැත්වීම.
• නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් අධීක්ෂණ මණ්ඩලයක් මගින් පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිරතුරුව අධීක්ෂණය කරවීම.
• විභාග ඉලක්ක කොට ගත් විෂය සම්මන්ත්‍රණ පැවැත්වීම.
• පෙර වර්ෂවල උසස් පෙළ විශිෂ්ට සමතුන් කැඳවා විභාගයට පෙනී සිටින දරුවන් අභිප්‍රේරණය කිරීම.
මෙලෙස ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා 2023 සහ 2024 යන වර්ෂවල අ.පො.ස. සා.පෙළ මෙන්ම අ.පො.ස. උ.පෙළ ප්‍රතිඵල වල සැලකිය යුතු ඉහළ යාමක් සිදු විය.
විශේෂයෙන් ගණිත අංශයෙන් දිවයිනේ පළමු වෙනියා ඇතුළුව සමස්ත ලංකා හා දිස්ත්‍රික් මට්ටමේ ස්ථාන රැසක් අත්කර ගැනීමට 2023 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මගින් අපට හැකි විය. එම වර්ෂයේ විෂයන් 3ටම A සාමාර්ථ්‍ය ලබාගත් සිසුන්ගේ ප්‍රමාණය 182කි. එය පෙර වර්ෂය හා සසඳා බලන විට විශාල වැඩිවීමකි. එමෙන්ම එම වර්ෂයේ ම අ.පො.ස. සා.පෙළ විභාගයේදී විෂයන් 9ටම A සාමර්ථ ලබාගත් සිසුන්ගේ ප්‍රමාණය 171 කි. එය ද පෙර වර්ෂයට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි. 2024 වර්ෂයේ ද A සාමාර්ථ ප්‍රමාණයේ යම් පහළ යෑමක් දක්නට ලැබුණ ද උසස් පෙළ සමතුන්ගේ ප්‍රමාණය අඩු වී නොමැති බව කිව හැකිය.
දිවයිනේ පළමු වතාවට අන්ධ දරුවකු ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව සලසා දී සරසවි ප්‍රවේශ සුදුසුකම් හිමිකර දීමට ද විද්‍යාලය සමත් වූ බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමු.
ක්‍රීඩා හා විෂය සමගාමී අංශවල විශාල බිඳවැටීමක් තිබූ බව දුටු විදුහල්පතිවරයා එම අංශය නැංවීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළේය. ඒ අනුව
• ජයග්‍රහණ අත්කර දීමට අසමත් වූ පුහුණුකරුවන් ඉවත්කර සුදුසුකම් සපිරුණු නව පුහුණු කරුවන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් බඳවා ගැනීම.
• සෑම ක්‍රීඩාවකටම හා විෂය සමගාමි ක්‍රියාකාරකමකට ම කැපවීමක් සහිත සුදුසු ගුරුවරුන් භාර ආචාර්යවරුන් ලෙස පත්කිරීම.
• සෑම දරුවෙකු ම අනිවාර්යයෙන් ක්‍රීඩා දෙකක නිරත විය යුතු බව නියම කිරීම.
• ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණ, ක්‍රීඩාගාර, උපකරණ ඇතුළු යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම.
• ඒ ඒ ක්‍රීඩාවන් නැංවීම සඳහා වගකීම භාරගත් ආදි ශිෂ්‍ය කණ්ඩායම් වලට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම.
• ආනන්ද - නාලාන්දා සුලෝහිත මහා ක්‍රිකට් තරගය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව විධිමත් කිරීම හා එයින් උපයන ආදායම දෙවිදුහල්හි ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කිරීම.
• වසරේ විශිෂ්ට පාසල් ක්‍රීඩකයින් ඇගයීමට වර්ණ රාත්‍රිය පවත්වන්නාක් මෙන් විෂය සංගම්වල දක්ෂතා දක්වන දරුවන් ඇගයීම සඳහා සංගම් රාත්‍රියක් සංවිධානය කිරීම හා රන් රිදී හා ලෝකඩ ලෙස වර්ෂයේ කළ ක්‍රියාකාරකම් අනුව සංගම් වර්ගීකරණය කිරීම.
මෙලෙස ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙස ක්‍රීඩා හා විෂය සමගාමි අංශ වලින් අත්කර ගැනීමට නොහැකිව තිබූ ජයග්‍රහණ රාශියක් යළි ආනන්දයට අත්පත් කර ගැනීමට සමත් වීම. ඒ අනුව
• වසර 21 කට පසු විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩය හමලුස් ශූරතාව රැගෙන ඒම සහ 2024 වර්ෂයේත් එම ජයග්‍රහණය එලෙසෙම ආරක්ෂා කර ගැනීමට සමත් වීම.
• රග්බි ක්‍රීඩාව අවුරුදු 17කට පසුව B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පැමිණීම.
• පිහිණුම් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ සැලකිය යුතු ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීම.
• ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහෝ කලකට පසුව 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ආනන්දියකු බිහිවීම. එමෙන්ම 17 න් පහළ ජාතික කණ්ඩායමේ සංචිතයට අපේ දරුවකු තේරී පත්වීම.
• මළල ක්‍රීඩා අංශයෙන් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට ආනන්දියන් තිදෙනකුට අවස්ථාව සැලසීම හා ඉන් එක් අයෙකුට මෙම තරගයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකිවිම.
භෞතික සම්පත් සංවර්ධනය සඳහා වත්මන් විදුහල්පතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ද රාශියකි. පෙර විදුහල්පතිවරුන්ගේ බලවත් නොසැලකිල්ල මත නිසි නඩත්තුවක් සිදු නොකිරීම නිසා අබලන්ව ගොස් තිබූ විද්‍යාලයීය ගොඩනැගිලි රැසක් ඇතුළු යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරීම. ඒ අනුව,
• විද්‍යාලයීය ප්‍රෞඪ ඉතිහාසය විදහාපාන පෞරාණිකම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඕල්කට් ශාලාව ප්‍රතිසංස්කරණය කොට පෙර තිබූ ශ්‍රී විභූතියට පත් කොට බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස ප්‍රයෝජනයට ගැනීම.
• සත්මහල් ගොඩනැගිල්ලේ විදුහල්පතිවරයා සඳහා වෙන්කොට තැබූ කාර්යාලය විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා සඳහා සුව පහසු ආවාස ගෘහයක් ලෙස සකස් කිරීම.
• සිසුන් 100 කට සෑහෙන සේ සුව පහසු රැස්වීම් ශාලාවක් Moore Hall නමින් ස්ථාපනය කිරීම.
• පිරිපහදු කළ පානීය ජල පද්ධතියක් එම ගොඩනැගිල්ලට ස්ථාපනය කිරීම.
• ආදි ආනන්දීය එක්සත් රාජධානි කණ්ඩායමේ දායකත්වයෙන් සත්මහල් ගොඩනැගිල්ලේ LAPTOP පරිගණක 40කින් සමන්විත අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම.
• විද්‍යාලයීය බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම.
• බුද්ධ ජයන්ති ගොඩනැගිල්ලේ වහල ඇතුළුව පන්තිකාමර ප්‍රතිසංස්කරණය කිරීම.
• උසස් පෙළ සිසුන් සඳහා විශාල අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පුස්තකාලයක් සකස් කිරීම.
• ක්‍රීඩා සඳහා කුටි පෙළක් ඉදිකොට සිසු අයිතියට පත් කිරීම.
• ගෘහස්ත ජිමිනාස්ටික් ක්‍රීඩාගාරය නවීකරණය කිරීම.
• ප්‍රාථමික අංශයේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීම.
• උසස් පෙළ ගණිත, වාණිජ හා තාක්ෂණ අංශවල පහසුකම් වැඩි දියුණු කිරීම.
• දැඩි සේ අබලන් ව තිබූ ජාතික වස්තුවක් වන කුලරත්න ශාලාවේ නවීකරණ කටයුතු ආරම්භ කොට අවසන් අදියර කරා ළගා වෙමින් පැවතීම.
• දීර්ඝ කාලීනව නිසි නඩත්තුවක් නොකිරීම නිසා දැඩි සේ අබලන්ව ගොස් තිබූ ෆ්‍රිස්කුන්ස් විද්‍යාගාර ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට අවසන් අදියර කරා ලඟා වෙමින් පැවතීම.
• නේවාසිකාගාරයේ වහල, වැසිකිළි පද්ධතිය හා කාණු පද්ධතිය ජරාජීර්ණව පැවතීම නිසා දුෂ්කර පළාත් වලින් පාසලට බඳවාගත් නේවාසික සිසූහු දැඩි අපහසුතාවකට පත්වූහ. කඩිනමින් එහි නවීකරණ කටයුතු සිදු කොට නේවාසික සිසුන්ට නේවාසිකාගාරය සුව පහසු ස්ථානයක් බවට පත් කිරීම.
• විද්‍යාලයීය ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අනුග්‍රහයෙන් උසස් ප්‍රමිතියකින් යුතු ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීම.
• රාජගිරියේ රගර් ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම.
• STEAM අධ්‍යාපන සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා පස් මහල් ගොඩනැගිල්ල සංවර්ධනය කොට Centre of Excellence ලෙස නොබෝ දිනකින් සිසු අයිතියට පත් කිරිමට සුදානම් කොට තිබීම.
• තිරසර හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකරමින් පැවතීම.
• සමාගමක් යටතේ පවත්වා ගෙන ගිය විද්‍යාලයීය පිහිනුම් තටාකය අමාත්‍යංශ චක්‍රලේඛ ප්‍රකාරව පාසල වෙත පවරාගෙන එහි නවීකරණ කටයුතු වලට අවශ්‍ය මූලික සැලසුම් සකස් කර තිබීම.
• විද්‍යාල භූමිය අලංකරණය සඳහා මල් ඵල හටගන්නා තුරු ලතා සිටුවීම හා ඒවා විධිමත්ව නඩත්තු කිරීම. හා ඉන්ටර් ලොක් ගල් අතුරා පටුමං සැකසීම.
• විද්‍යාලයීය ආපන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම හා පෝෂ්‍යදායි ආහාර පමණක් අලෙවි කිරීමට නියම කිරීම.
• විද්‍යාලයීය සමස්ත විදුලි බිල් ශූන්‍ය වෙන පරිදි සම්පූර්ණ විදුලි අවශ්‍යතාව වෙනුවෙන් සූර්‌ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතුවල මුල් අදියර මේ වන විට ආරම්භ කර තිබීම.
මේ ආදි කී නොකී භෞතික සම්පත් සංර්වධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම මගින් සිසු දරුවන්ට විද්‍යාලය සුවපහසු හා ප්‍රියමනාප තැනක් බවට පත් කර ඇත. මේ සියලු භෞතික සම්පත් සංර්වධන ව්‍යාපෘති සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආදි සිසුන්ගෙන් සමන්විත කමිටු පත් කොට ඔවුන්ගේ වෘත්තිය අත්දැකීම් හා උපදෙස් උපයෝගී කරගෙන ඇත.
Ananda College Hosts Special Education Programme on Traffic Management and Road Safety
July 11, 2025
Ananda Apeksha 2025 – A Tribute to Compassion in Action
June 15, 2025
ආනන්ද විද්‍යාලයේ ආනන්දාභිමානී සම්මානය දිනූ ප්‍රවීණ මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීම
January 6, 2025
Empowering Creativity: 25 Anandians Receive Photoshop Scholarships
June 26, 2025
Special Felicitation Ceremony Honoring Col V. S. Kudaligama, Former Principal of Ananda College
July 18, 2024
Ananda College Rekindles the Flame of Victory
March 7, 2025
Ananda College Students Selected to Represent Sri Lanka at Life Saving World Championship
September 1, 2024
Another Fruitful Beginning Towards Nurturing Little Anandians
June 25, 2025
Ananda College Records Thrilling Comeback Victory in Inter-School Division-A Rugby Clash
June 30, 2025
Damsath Peiris Crowned National U-14 Tennis Champion
August 16, 2025