වසර හැත්තෑවක් පමණ පැරණි භෞතික විද්‍යා හා රසායනික විද්‍යා විද්‍යාගාර හයකින් සමන්විත ෆ්‍රිට්ස් කූන්ස් ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් මුළුල්ලේ නිසි නඩත්තුවකට හා ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා අතිශය අබලන්ව දුර්වල ව දුර්වර්ණව තිබිණි. තැනින් තැන වහල දිරාපත්ව කඩාවැටීම නිසා වැසි දිනවල විද්‍යාගාරවල ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවල යෙදුණු ගුරු සිසු දෙපසම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. භෞතික විද්‍යාව හා ජීව විද්‍යා අංශයන්හි අංශ ප්‍රධානීන් මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස හිටපු විදුහල්පතිවරුන්ගෙනුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් ඉල්ලීම් කළ වාර අපමණය. එහෙත් ඒ කිසිවකට යහපත් ප්‍රතිචාර නොලැබිණි.
මේ පසුබිම තුළ වර්තමාන විද්‍යාලයාධිපති ඩී.එම්.එල් පී. දිසානායක මහතාගේ අවධානය මේ කෙරෙහි යොමු වීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමට අනුව වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් හා පාසල් සංවර්ධන සමිතියේ අරමුදල් වලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නවීකරණය කළ මෙම ගොඩනැගිල්ල, 2025/07/02 වන දින පෙරවරුවේ සිසු අයිතියට පවරන ලදී. ප්‍රධාන විද්‍යාගාර සයට අමතරව අභිනවයෙන් ගෘහ විද්‍යාගාරයක් හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක්ද ශිෂ්‍ය සුබසාධන බැංකුවක්ද මෙම ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කොට ඇත.